1990 වසරේදී ප්‍රථමයෙන් මුද්‍රණය කරන ලද ‘නෙල්ලි කැලේ වීරයෝ ' කථා මාලාවේ හතරවන කෘතිය ලෙස 'සමුදුරු මේඛලා ' නිකුත් කරන ලද්දේ 1999 වසරේදීය.
එහි දෙවන මුද්‍රණය වසර ගණනාවකට පසු නිකුත් කරනුයේ මුල් කෘතියේ නොතිබු චිත්‍ර සටහන් සමූහයක් මෙන්ම මනා ලෙස භාෂාව හැසිරවීමට අවශ්‍ය පද විවරණයන්ද සමඟිනි.
‘නෙල්ලි කැලේ වීරයෝ කතා මාලාවේ කර්තෘ නිමල් බණ්ඩාර 2000 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට එක් වූ පසු මහජන චීන සමුහාණ්ඩුව, නෙදර්ලන්තය, පාකිස්ථානය, ඉරාකය යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවයේ නිරත විය. ඔහු දැනට දකුණු ආසියානු සහයෝගීතා සංවිධාන මහ ලේකම් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයා ලෙස සේවයේ යෙදී සිටී.