ඉන්දුමතී අප දැන හඳුනා ගන්නේ ප්‍රාදේශීය ලේඛිකාවක ලෙස ය. ප්‍රවෘත්ති වාර්තාකරණයට පමණක් සීමා නොවී, සුවිශේෂී නිර්මාණ ප‍්‍රතිභාවක් පළ කළ ලේඛිකාවක ලෙස ය. පුවත්පත් ඔස්සේ පමණක් නොව, සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ද, ඇගේ ලේඛන කියවන්නට, විඳින්නට අප පෙළඹෙන්නේ එබැවිනි. ඉන්දුමතී ඇගේ කුළුඳුල් නවකතාව “අචිරවතී" සමගින් තවත් කේෂ්ත්‍රයකට පිවිසෙයි. ඇය ම පවසන පරිදි මේ නිර්මාණය එක රැයකින්, දින කීපයකින් හෝ මාස දෙක තුනකින් ලියැවුණක් නොවේ. "අවිරවතී" නිර්මාණය වන්නේ කඳුළු උල්පතකිනි. වේදනා කන්දකිනි. සුසුම් ගොන්නකිනි.
දැන් Mintpay සමඟ ද පොලී රහිතව , වාරික තුනකින් ගෙවීමේ පහසුකම වෙබ් අඩවිය ඔස්සේ අත්විඳිය හැකිය.