කතුවරයා අනූව දශකයේ මැද භාගයේ ලේඛන කලාවට පිවිසෙනුයේ 'ක්‍රීඩා' පුවත්පතේ නිදහස් විශේෂාංග ලේඛකයකු ලෙසය. ඒ පාසැල් සිසුවකුව සිටි අවධියේදීය. පසුව ඔහු අපට හමුවනුයේ 'මැතිවරණ වංශ කතාව' දේශපාලනික ඉතිහාස ලිපි පෙළත් සමග ඉරිදා ලංකාදීප පුවත්පතෙනි. බුද්ධි පරීක්ෂණය, නීතිය, දේශපාලනය වැනි විෂයානුබද්ධ ලේඛන හරහා විටින් විට මාධ්‍ය තුළ දක්නට ලැබුණු ඔහු 'බුද්ධි පරීක්ෂණය මහ පොත’ එළිදක්වනුයේ 2015 වසරේදීය. එය මේ දක්වාම අඛණ්ඩව මුද්‍රණය වන කෘතියකි. 2020 වසරේදී 'සද්දන්තයාගේ රාත්‍රිය’ කෙටිකතා සංග්‍රහය තුළින් සාහිත්‍ය ලේඛන කලාව ස්පර්ශ කළ ඔහු දැන් නවකතා ලේඛනයටද පය තබා තිබේ. 'රාවණ් ලියෝ ඔහුගේ ප්‍රථම නවකතාවයි.