ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන් ශාස්ත්‍රවේදී උපාධියන් ජනමාධ්‍ය ඩිප්ලෝමාවත් දිනාගැනීමට භාග්‍යවත් වූ දර්ශනා ශම්මි විජේතිලක ශ්‍රී ලංකා ජනමාධ්‍ය පදනම් ඩිප්ලෝමාව ද සාර්ථක ව නිම කළා ය. ඇය විසින් මේ වන විට පාඨක ලෝකයට දායාද කරන ලද ග්රන්ථ සංඛ්‍යාව 16කි. ඒ අතර නවකතා හයක් ද වෙයි. ඇයගේ "ගිරග සසල විය" 2011 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට ද නිර්දේශ වූ නවකතාවකි. 2018 වර්ෂයේ දී ස්වර්ණ පුස්තක සම්මාන අවසන් කෘතීන් පහ අතරට තේරුණු "අසනග වැසි" නවකතාව වූ කලී ඇය විසින් මානව ජීවිතය ගැඹුරින් විවරණය කරමින් ලියන ලද කෘතියකි. රාජ්‍ය සාහින සම්මාන ප්‍රදාන උළෙලේ ප්රශස්තතම කෘති තුන අතරටත්, ගොඩගේ සම්මාන ප්රශස්තතම කෘති තුන අතරටත්, ඇයගේ යථොක්ත කෘතිය නිර්දේශ විය. ඇය විසින් නවකතාවලට අමතර ව කෙටිකතා, කාව්‍ය, ගීත රචනා, සංචාරක සටහන් සහ ළමා ග්රන්ථ ආදිය ද රචනා කොට තිබේ. බුදුරජාණන් වහන්සේ නමැති සමාජ සන්නිවේදකයාණෝ නම් ශාස්ත්‍රීය කෘතියේ රචිකාවිය ද ඇය යි.