මේ වන විට කෘතීන් 30කට අධික ප්‍රමාණයක් පරිවර්තනය කර ඇති ප්‍රභාත් මිරිහාගල්ල මහතා සිංහල පාඨක රසාස්වාදයේ සාපිපාසාවන් වි සාහිත්‍ය දහරාවන්ගෙන් සනහාලන ලංකාවේ ප්‍රමුඛතම හා ප්රවීණතම පරිවර්තකයෙක් වෙයි. ඔහු සතුව ඇති ඉහළ භාෂා ඥානය නිවැරදි ව්‍යාකරණ ආදියෙන් පිරිපුන් කෘතියක් බිහිකිරීමට මග පාදන අතර බස හැසිරවීමෛහිලා ඔහු තුළ ඇති අපූරු හැකියාව මුල් සාහිත්‍ය රස නොනැසූ ළගන්නා නිර්මාණයක් බවට කෘතිය පෙරළන්නට දායක වෙයි. මුල් රචකයාගේ නිර්මාණාත්මක කුසලතාව පිළිබඳව මිරිහාගල්ල තුළ ඇති ගරුත්වය මෙන්ම එම සාහිත්‍ය කෘතියට සාධාරණය ඉටු කිරීම පිණිස ඔහු කරන කැපකිරීමද අසීමිතය. නූතන සිල්ලර පරිවර්තන සංස්කෘතියට අභියෝග කරන දැවැන්තයන් අතලොස්ස අතර ඔහු කැපී පෙනෙන්නේ එබැවිනි.