ගාල්ලේ උපත ලබා රිච්මන්ඩ් විද්‍යාලයේ සිප්සතර හැදෑරූ චන්දන මෙන්ඩිස්, දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැදෑරීමට 1969 දී පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළු විය. (පේරාදෙණිය විශ්ව විද්‍යාලය එවකට හැඳින්වූයේ ලංකා විශ්ව විද්‍යාලය යන නමිනි.) 1973 දී රජයේ සේවයට බැඳුනු ඔහු දිවයිනේ රෝහල් ගණනාවක සේවය කළේ ය. පස් වසරක් විදෙස්ගතව සිටි ඔහු යළි දිවයිනට පැමිණ කලක් පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත විය. තිස්තුන් වසරක සේවයෙන් පසු ඔහු වෛද්‍ය වෘත්තියට ආයුබෝවන් කීවේ පූර්ණ කාලීන ලේඛකයෙකු වීමේ අභිලාශයෙනි.
📩 පොත් අරගන්න... ටික ටික ගෙවන්න... KOKO App එක දැන්ම install කරගන්න. ❤️❤️