ලේඛනය හා පුවත්පත් කලාව සිය ජීවිතය කර ගත් මංජුල්ල දිසානායක ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ සිප් සතර හදාරා කැලණිය සරසවියෙන් පුරා විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත්, කොළඹ සරසවියෙන් ජනමාධ්‍ය ඩිප්ලෝමාවත් ලබාගත්තේ ය. පත්තර මහගෙදර, ලේක්ෂවුස් හි සිළුමිණ, දිනමිණ, ජනතා හා දැනමුතු වැනි විවිධ පුවත්පත් හා සඟරාවලට සිය දක්ෂතා මුසුකළ මංජුල මේ වන විට මිහිර පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙස සේවය කරයි. පරිසරය, පුරාවිද්‍යාව, ඉතිහාසය, විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පුවත්පත් කලාවේ යෙදෙනකු වූ ඔහු දෙවතාවක්ම ලංකාවේ හොඳම විද්‍යා ලේඛකයා ලෙස සම්මානයට පාත්‍ර විය. ඒ හැරුණු විට කීප අවස්ථාවකදී ම පරිසර ලේඛකයකු ලෙස ද ඔහු සම්මාන දිනා ගැනීමට සමත් විය. විවිධ විෂය ක්ෂේත්රයන්හි විහිද ගිය ග්රන්ථ ගණනාවක් රචනා කොට ඇති මංජුල මේ වන විට පරිවර්තන සාහිත්‍යයේ ද කැපී පෙනෙන ලේඛකයකු බවට පත්ව සිටී.