අගනුවර ආනන්ද මහා විද්‍යාලයයේ සිප් සතර හදාරන අවධියේම අංකුර කවියකු, කෙටිකතාකරුවකු හා රංගධරයකු ලෙස කලා ක්ෂේත්රයට පිවිසි කුමාර සිරීවර්ධන ඉතා කෙටි කලකදී පුවත්පත් කලාවේදියකු, නවකතාකරුවකු, පරිවර්තකයකු හා තිර රචකයකු ලෙස පාඨක, ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තේ ය. කෙටිකතාකරුවකු හා රංගධරයකු ලෙස යෞවන සම්මානයෙන් පිදුම් ලැබූවේ ය. රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලද සාහිත්‍යකරුවෙකි. පුවත්පත් කලාව හා ලේඛනය සිය ජීවිතය කරහත් සම්මානනීය ලේඛක කුමාර ජන සන්නිවේදනය පිළිබඳ කැලණිය සරසවියේ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.