Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER
Muses Books : James Rollins | James Rollins

James Rollins - James Rollins

බටහිර පොතපතට ඇළුම් කරන පාඨකයන් කිසිවකු හෝ #ජේම්ස්_පෝල්_කැස්ජ්කොවුස්කි යන ලේඛකයා පිළිබඳ දන්නේ දැයි සැක සහිත ය. කොහෙත්ම නොදන්නා බව කීම වඩාත් සාධාරණ වන්නේ එවැනි නමකින් ග්‍රන්ථකරණයේ යෙදෙන ලේඛකයකු නොමැති නිසා ය. එහෙත් #ජේම්ස්_රෝලින් ගැන නම් නොදන්නා අයෙක් වෙතොත් ඒ කලාතුරකින් විය හැකිය. ඒ ජේම්ස් රෝලින් නමැති ලේඛකයා ලොව පුරා පාඨකයන්ගේ නොමඳ ඇගයීමට පාත්‍ර වූ ලේඛකයෙක් වන නිසාය. නිව්යෝර්ක් ටයිම්ස් ශ්‍රේණිගත කිරිම් අනුව ඔහු අංක එකේ සිටින ලේඛකයෙකි. ජේම්ස් රෝලින් යනුවෙන් ලොව හඳුනන කැස්ජ්කොවුස්කි අමෙරිකානුවෙකි. 1961 වසරේ අගෝස්තු 20 දින උපත ලද ඔහු වෘත්තියෙන් පශු වෛද්‍යවරයකු විය. එහෙත් පසුකලෙක වෛද්‍ය වෘත්තියට සමු දුන් ඔහු පූර්ණකාලින ලේඛකයකු බවට පත් විය. ක්‍රියාදාම-වීර ප්‍රබන්ධ, ත්‍රාසජනක ප්‍රබන්ධ සහ අබිරහස් කතා රැසක කතුවරයා වන ඔහු අතින් මේ වන විටත් විවිධ ශානරයන් යටතේ කෘති අඩ සියයකට ආසන්න ප්‍රමාණයක් ලියැවී තිබේ. ඔහුගේ සෑම නවකතවක් තුළින්ම ලේඛකයකු ලෙස ඔහු සතු ප්‍රතිභාව පෙන්නුම් කරන අතර ලෝකයේ මෙතෙක් අනාවරණය නොවූ පැතිකඩ, ඓතිහාසික රහස් සහ විද්‍යාත්මක මත ඛණ්ඩයන් ඔහුගේ කෘති තුළින් දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයන් වේ. පරිකල්පනයේ සහ පර්යේෂණයේ දෙමුහුන් බව ඔහුගේ කෘති තුළින් දක්නට ලැබේ. ජේම්ස් රෝලින් වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහුගේ #Sigma_Force කතා මාලාව තුළිනි. එසේම මේ කතාමාලාවට අයත් නොවන තවත් කෘති 6ක් ද ඔහු විසින් රචිත අතර ඒවාද පිටපත් මිලියන ගණනින් අලෙවි වූ සාර්ථක කෘති විය. ඔහුගේ Sigma Force කතාමාලාව මේ වන විට ලොව පුරා භාෂා 40කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී තිබේ. රෝලින්ට ලේඛකයකු වීම සඳහා බලපෑ ප්‍රධාන සාධකය වූයේ 1930-40 දශක වල අතිශය ජනප්‍රියත්වයට පත් Doc Savage කතා මාලාව යි. පසුව හොවාර්ඞ් කාටර්ගේ තුතන්කාමන් සොහොන් ගැබ ගවේෂණය ඔහුගේ සිත අමන්දානන්දයට පත් කරවීමට සමත් විය. එම ගවේෂණයෙන් ඔහු ලත් ආස්වාදය කොතෙක්ද යත් ඔහු පසුකලෙක ඔහු විසින්ම නිර්මාණය කළ හෙන්රි කොන්ක්ලින් නම් පුරාවිද්‍යාඥයාගේ චරිතය ප්‍රධාන ක

ොට ගනිමින් #Excavation නම් කෘතිය රචනා කළේය. එසේම එඞ්ගා රයිස් බරෝස්ගේ ටාසන් කතා මාලාව, සී.එස්. ලෙවිස්ගේ ක්‍රොනිකල්ස් ඔෆ් නානියා කතාමාලාවත් ජූල්ස් වර්න් , එච්.ජී වෙල්ස් වැනි ලේඛකයනුත් ඔහුගේ ලේඛන දිවියට ආලෝකයක් විය. බොහෝවිට ත්‍රාසයෙන්, භීතියෙන් , අභිරහස් වලින් පිරී ගිය සාර්ථක ප්‍රබන්ධ කෘතියක් රචනා කිරීමේදී ඔහුට මේ ලේඛකයන්ගේ ආභාසය ලැබී ඇති බව පෙනී යයි. යථාර්ථවාදී ප්‍රස්තුතයක් යථාර්ථයෙන් ඔබ්බට ගෙන ගොස් පාඨක සිත් ඇඳ බැඳ තබා ගැනීමට ඔහු තුළ ඇති නිසඟ ප්‍රතිභාව ඔහුගේ සාර්ථකත්වයට හේතු වී ඇති බව පැහැදිළිය. විද්‍යාව මෙන්ම පුරාවිද්‍යාව ඉතිහාසය වැනි විෂයයන් ඔස්සේ මතු කර ගන්නා සංකල්පයක් තම ප්‍රබන්ධයේ අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා රෝලින් ඉන් මතු කරන කතාව සත්‍යයක් යැයි සිතීමට පාඨකයා පොළඹවන තරම් අපූර්වත්වයෙන් යුක්ත ය.

Book(s) by James Rollins

5 Books found
25%
Off
-Rs.462.50
muses Excavation
එක්ස්කැවේෂන්
මංජුල දිසානායක
Action and Adventure Science Fiction (Sci-Fi)
Rs.1850.00
Rs.1387.50
Add to Cart
25%
Off
-Rs.462.50
muses Amazonia
ඇමසෝනියා
මංජුල දිසානායක
Action and Adventure Science Fiction (Sci-Fi)
Rs.1850.00
Rs.1387.50
Add to Cart
25%
Off
-Rs.800.00
muses Sandstorm (Sigma Force, #1)
සෑන්ඩ්ස්ටෝම් (සිග්මා ෆෝස්, #1)
නෞමි කත්‍යානා ධර්මරත්න
Action and Adventure Science Fiction (Sci-Fi)
Rs.3200.00
Rs.2400.00
Add to Cart
25%
Off
-Rs.495.00
muses Eden Uyane Altharaya
ඒදන් උයනේ අල්තාරය
ඉමේෂ් මධුශංක යාපා
Action and Adventure Suspense and Thriller
Rs.1980.00
Rs.1485.00
Add to Cart
25%
Off
-Rs.600.00
muses Ice Hunt
අයිස් හන්ට්
මංජුල දිසානායක
Science Fiction (Sci-Fi) Suspense
Rs.2400.00
Rs.1800.00
Add to Cart