"පර්සි ජැක්සන් සහ අකුණු හොරා” කෘතිය සිංහල භාෂාවට මුසු කිරීමෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසි සවින්දි ආරියතිලක, මේ වන විට අලුත් පරපුරේ දක්ෂතම පර්වතිකාවක පාඨකයන්ගේ විශ්වාසය දිනාගෙන අවසන් ය. සිංහල පාඨකයන් අතර ඇය වෙසෙසින් ම ජනප්‍රිය වූයේ, මෑත කාලයේ බටහිර සාහිත්‍ය ලෝකයේ ද ඉතා ප්‍රකට හා සාර්ථක ප්‍රබන්ධ පෙළක් වූ "පර්සි ජැක්සන්" කතා මාලාව සිංහලයට නැගීමෙනි. කියවන්නා වෙහෙසට පත් නො කරවන, සරල ළගන්නා සුලු බස් වහර ඇගේ පරිවර්තනවල සාර්ථකත්වයට ඉවහල් වී ඇත. එමෙන් ම සවින්දිගේ පරිවර්තන ව්‍යායාමයේ වැදගත් ම හා විශේෂිතම කරුණ වන්නේ, ඇය මුල් කෘතියේ ජීව ගුණය ඒ ලෙසින් ම රඳවා ගැනීමට දරන වෑයමයි, එකී කරුණ නිසා අය වර්තමානයේ පරිවර්තන කාර්යයෙහි යෙදෙන්නන් අතරින් වෙසෙසින් කැපී පෙනෙයි.