ඕනෑම කෙනෙකු අපරාධයක් කළහොත් එයට කෙදිනක හෝ දඬුවම් ලැබෙන බව සමාජ ගත කරමින්, ඩි.එම්. අනුර දිසානායක අර්ථවත් කෘති ගණනාවක් ලියා පළ කොට ඇත. දින සති මාස ගණනකින් නොව අවුරුදු ගණනාවකට පසුව වුව ද පරික්ෂණ තුළින් අපරාධකරුවන් නීතියේ රැහැනට ගන්නා අයුරු විදහා දැක්වන ඔහුගේ කෘති සමාජයට යම් මෙහෙවරක් සිදුකරයි. "මාරවිල මන්දිරය", "උඩුවර නානායම", "කොටගල බිංගෙය", "අඳුරු සෙවණැල්ල", "උඩුගම කන්ද", "යළි උපන් යුවතිය" වැනි කෘති ඊට කදිම නිදසුන් ය.