තරුෂි නිරංගා ජයසිංහ, කුරුණෑගල මලියදේව බාලිකා විදුහලයෙන් අධ්‍යාපනය ලබා ඇත. 2016 වසරේ දී ගණිත අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටි ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතීය විද්‍යා පීඨයට තේරී පත් වුවද තොරතුරු තාක්ෂණ අංශයෙන් උසස් අධ්‍යාපනය තෝරාගත් ඇය මේ වන විට පරීගණක ජාලකරණ සහ සයිබර් ආරක්ෂණ අංශයෙන් ඕස්ටේලියාවේ මෙල්බර්න් නගරයේ විශ්ව විද්‍යාලයක අවසන් වසරේ ශිෂ්‍යාවක් ලෙස අධ්‍යාපනය ලබමින් හිඳී. විෂයන්ට පරිබාහිරව සංගීතයටත්, ලේඛන කලාවට යොමු වී සිටින ඇය පාසල් සමයේදී සිටම කාව්‍යකරණයට විශේෂ දක්ගතාවක් දැක්විය. ටෙලිනාට්‍ය තේමා ගීතයක් සහ වෙනත් සරල ගීත කිහිපයක් රචනා කර ඇති ඇය ග්රන්ථකරණයට යොමුවෙමින් සිදුකළ පළමු පරීවර්තන කෘතිය "චර්නොබිල් හි රැයක්" ය.