Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

"කෘතියක පෙර-ඇණවුම් ලබා ගැනීම සාමාන්‍යයෙන් කෘතිය මුද්‍රණයෙන් නිකුත් වීමට සතියක් හෝ සති දෙකක කාලයකට පෙර සිට සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස ජුනි මස 01වනදා නිකුත් වීමට නියමිත කෘතියක පෙරඇණවුම් ලබා ගැනීම මැයි මැස 16වන දා ඇරැඹෙනු ඇත. ඊට අදාලව මියුසස් පබ්ලිශිං හවුස් වෙතින් පළකරනු ලබන පෝස්ටුවේ පැහැදිලිව Pre-Order හෙවත් පෙර ඇණවුම් ලෙස සඳහන් වනු..."

Pre-Orders/ පෙර ඇණවුම් පිළිබඳ සරලව

Muses Publishing House - Pvt Ltd විසින් ශ්‍රී ලාංකීය පාඨක ඔබට හඳුන්වා දෙන ලද; "කෘති" පෙර ඇණවුම් කිරීම පිළිබඳව ඇතැම් පාඨක හිතවතුන්ට තවමත් යම් යම් ගැටළු සහගත තත්ත්වයන් පවතින බව පෙනී යන බැවින් මෙලෙස සඳහනක් ඉදිරිපත් කරමු.

පෙර ඇණවුමක් යනු යම් ආයතනයක කිසියම් භාණ්ඩයක්, එහි නිෂ්පාදනය අවසන් වූ පසු එය ලබා ගැනීමට කැමැත්ත පලකරමින් එම භාණ්ඩය නිෂ්පාදන තත්ත්වයේ තිබියදී, අදාළ ආයතනයට ඒ බව දැනුම් දී කල් තබා වෙන්කරවා ගැනීමය.

කෘතියක පෙර-ඇණවුම් ලබා ගැනීම සාමාන්‍යයෙන් කෘතිය මුද්‍රණයෙන් නිකුත් වීමට සතියක් හෝ සති දෙකක කාලයකට පෙර සිට සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස ජුනි මස 01වනදා නිකුත් වීමට නියමිත කෘතියක පෙරඇණවුම් ලබා ගැනීම මැයි මැස 16වන දා ඇරැඹෙනු ඇත. ඊට අදාලව මියුසස් පබ්ලිශිං හවුස් වෙතින් පළකරනු ලබන පෝස්ටුවේ පැහැදිලිව Pre-Order හෙවත් පෙර ඇණවුම් ලෙස සඳහන් වනු ඔබට දැකගත හැකිවනු ඇත. එබැවින් පාඨක ඔබ මැයි 16වනදා පෙර ඇණවුමක් යොමු කළ පසු ඇණවුම ඔබ අතට ලැබෙන්නෙ ජුනි 01 වැනිදායින් පසුවය. කෘතිය මුද්‍රණයෙන් නිකුත් වූ දිනම හෝ ඊට පසු දින ඔබට ඇණවුම නොලැබෙනු ඇත. මක්නිසා ද යත් අදාළ කෘති මුද්‍රණාලයෙන් ගෙන ඒම, කතුවරයාගේ හෝ පරිවර්තකගේ සමරු සටහන් යෙදීම, පාර්සල් කිරීම ආදී යම් යම් වැඩකටයුතු කොටසක් ඉටුකිරීමට තිබෙන බැවිනි.

එනිසා ජුනි 01 වැනිදා නිකුත්වන කෘතියක පෙර ඇණවුම් ඔබ අතට ලැබෙන්නේ කෘතිය නිකුත් වී අවම වශයෙන් දින 5ක කාලයකට පසුවය. යම් කෘතියක් පෙරඇණවුම් කර එය ලැබෙන තෙක් පාඨක ඔබ නොඉවසිල්ලෙන් බලා සිටින බව අපි දනිමු. කෘතිය නිකුත් වී දින 10ක පමණ කාලයක් ගතවූ පසුත් පෙර ඇණවුම ඔබට නොලැබුණිනම් ඒ පිළිබඳව විමසා බලන මෙන් ඉල්ලා සිටිමු. ඒ අතරතුර කාලයේ ඔබට ලැබෙන දුරකථන ඇමතුම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත් ඉල්ලා සිටිමු. මක් නිසා ද යත් ඇණවුම රැගෙන පැමිණෙන බෙදාහැරීම් නියෝජිතයා ඔබ සිටින ස්ථානය දැනගැන්මට දුරකථන ඇමතුමක් හරහා ඔබව සම්බන්ධ කරගන්නා බැවිනි.

 

පාඨක ඔබගේ දැනගැනීම පිණිස පෙර ඇණවුම් පිළිබඳව විස්තරාත්මක කරුණු කිහිපයක් ද පහතින් දක්වා ඇත.

ඕනෑම කර්මාන්තයක නව නිෂ්පාදනයක් සඳහා මුල් අවධියක් නිර්මාණය කිරීම එම වෙළඳ භාණ්ඩය ජනප්‍රිය වීමේ සහ අලෙවියේ සාර්ථකත්වයට ප්‍රධාන වේ. ලෝකප්‍රකට APPLE නිෂ්පාදන දියත් කිරීමේ සිට NETFLIX ව්‍යාපාර දක්වා මේවන විටත් එකී වෙළඳ උපක්‍රම ක්‍රියාත්මක වෙමින් පවතී. පෙර ඇණවුම් සඳහා සහය දක්වන අලෙවිකරණ / මාධ්‍ය ව්‍යාපාර පොත් ප්‍රකාශනය හා සම්බන්ධ වන්නේ කෙසේදැයි අපි සලකා බලමු.

1. පෙර ඇණවුම් වැදගත් වන්නේ ඇයි?

කතුවරයකු සලකා බැලූ විට, පෙර ඇණවුම් මඟින් පොත් වෙළඳසැල් හිමියන්ට සහ පාඨකයන්ට ඔහුගේ පොත කෙරෙහි අවධානය යොමු කළ යුතු බව දැනුම් දිය හැකිය. පොත් ප්‍රකාශකගේ දෘෂ්ටි කෝණයෙන් බලන කල, පෙර ඇණවුම් ප්‍රමාණය පොතේ සාර්ථකත්වයේ හොඳ මුල් දර්ශකයක් වන අතර සිල්ලර වෙළෙන්දන්ට ඔවුන්ගේ ආරම්භක ඇණවුම් වැඩි කිරීමට හේතු වේ.

මීට අමතරව, පෙර ඇණවුම් මගින් ප්‍රකාශන කර්මාන්තය පුළුල් කිරීම උදෙසා ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි අතර, පෙර ඇණවුම් පිණිස සහය දැක්වීම සඳහා පූර්ව ප්‍රකාශන ප්‍රචාරණ ව්‍යාපාරයක් මඟින් පොත් එළිදැක්වීම සඳහා අපේක්ෂාවක් ගොඩනඟා ගත හැකි අතර, කෘතිය නිකුත් වීමෙන් පසු සති කිහිපය තුළ වේගවත් අලෙවියක් ලබා ගත හැකිය. පෙර ඇණවුම් යනු අලෙවිකරණ සහ ප්‍රචාරණ ව්‍යාපාරයේ එක් අංගයක් බව සැලකිය යුතුය.

කෘතිය BESTSELLER කෘතියක් බවට පත්කිරීම ඔබේ ඉලක්කයක් නම්, පෙර ඇණවුම් යනු ඊට මනා පිටිවහලකි.

2. නව පොතක් සඳහා කතාබහක්‍ ගොඩ නැගීමට පෙර ඇණවුම් උදව් වන්නේ කෙසේද?

පෙර ප්‍රකාශිත කෘති සහ ස්ථාපිත රසික පදනමක් ඇති කතුවරුන් සඳහා නම් ඔහුගේ කෘතියක පෙර ඇණවුම් නිවේදනය එකී කෘතිය පිළිබඳව පළමු ප්‍රචාරණය විය හැකිය. ඔබගේ සමාජ මාධ්‍ය අනුගාමිකයන් (followers) ලේඛකයාගේ හෝ ප්‍රකාශකයාගේ විශාලතම රසිකයන් විය හැකි අතර එමඟින් නව කෘතිය කලින් ඇණවුම් කිරීමට ඉඩ ඇත.

නිදසුනක් ලෙස, Mindy Kaling ගේ දෙවන පොත, WHY NOT ME, New York Times bestseller ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වූ අතර, පූර්ව ප්‍රකාශන අවධියේදී පෙර ඇණවුම් උදෙසා තෑග්ගක් ද ලබාදෙන බව ප්‍රචාරය කර තිබුණි.

නව කතුවරයකු සඳහා, පෙර ඇණවුම් කිරීම වඩා අභියෝගාත්මක විය හැක. පාඨකයන් ඔවුන් ගැන වැඩි යමක් නොදන්නා නිසා පොත මිලදී ගැනීමට අඩු නැඹුරුවක් දක්වයි. එවැනි අවස්ථාවකදී, සමාජ මාධ්‍යවල පොත පිළිබඳ උද්‍යෝගය ඇතිවන අන්දමේ තොරතුරු වැපිරීම, කෘතිය නිකුත්වීමට පෙර හිතවත් පාඨකයන් හට කෘතියේ පිටපත් ලබා දී ඔවුන්ගෙන් ප්‍රතිචාර ලබාගෙන පළකිරීම, පොත් හල්වල එම කෘතිය පිළිබඳව කතාබහ ඇතිකිරීම ආදී සියල්ලම පෙර ඇණවුම් වැඩිකරගැනීමට උපකාරී වේ.

පෙර ඇණවුම් මඟින් කෘතිය නිකුත් වූ විගස ඇනවුම් කළ පාඨකයන් හට යොමුකෙරෙන බව සහතික කිරීමට ඉඩ සලසයි. කෘතියට කොපමණ ඉල්ලුමක් තිබේද යන්න මැන බැලීමට හැකි වන අතර එමඟින් ප්‍රකාශකයන්ට ආරම්භක නිෂ්පාදනවල ප්‍රමාණය ගණනය කළ හැක.

ප්‍රකාශකයෙක් කෘතියකට පෙර ඇනවුම් ලබාදෙන්නේ ඉහත කරුණු සාක්‍ෂාත් කරගනු පිණිස මිස එකී කෘතිය මුද්‍රණයට පිරිවැය සොයාගැනීමට නොවේ.

(පහතින් දක්වා ඇත්තේ AMAZON හි සහ මියුසස් හී පලකරන ලද පෙර ඇනවුම් දැන්වීමක පින්තුර දෙකකි.)





 

©Kaveesha Nadun Kaggodaarachchi