Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

"එහෙනම් ඉතින් ඒ චාරිකාවත් ඉවරයි. ධර්ම යොද්ධ - විෂ්ණු මූර්තිය, සත්‍ය ‍යොද්ධ - බ්‍රහ්මාක්ෂිය විදිහටයි කල්කි කතා මාලාවේ මුල් කොටස් දෙක නම් කර තිබුණේ. ධර්මය විසින් අධර්මය පරාද කරනා කල්කිගේ දීර්ඝ චාරිකාවේ අවසානයයි මේ. "

මහා යොද්ධ කල්කි - ශිව අසිපත

එහෙනම් ඉතින් ඒ චාරිකාවත් ඉවරයි. ධර්ම යොද්ධ - විෂ්ණු මූර්තිය, සත්‍ය ‍යොද්ධ - බ්‍රහ්මාක්ෂිය විදිහටයි කල්කි කතා මාලාවේ මුල් කොටස් දෙක නම් කර තිබුණේ. ධර්මය විසින් අධර්මය පරාද කරනා කල්කිගේ දීර්ඝ චාරිකාවේ අවසානයයි මේ. මුල සිට අග දක්වාම හුදෙක් කල්කි ට පමණක් අයිති චාරිකාවක්ම නෙමේ මේක. මහා දැවැන්ත ක්‍රියාවලියක එකම එක පුරුකක් විතරයි ඔහු. තවත් බොහෝ චරිතයන් එක්ක බැඳෙන බොහෝ කතන්දර ‍රැසක්ම මේ එකම චාරිකාවකට අයත්. එහි අද්විතීය සමාප්තිය මෙසේ සනිටුහන් වෙනවා.

හින්දු දේව කතා කියන්නෙ වීර වික්‍රමාන්විත වලින් සහ ප්‍රේමනීය ශෘංගාරයන්ගෙන් පිරිපුන් දැවැන්ත වූ සාහිත්‍යමය ඉසව්වක්. ඒ අනුව ගොඩනැගෙන කතන්දරයක් විදිහට විෂ්ණු දෙවිඳුන්ගේ 10 වන අවතාරය වන කල්කි ව මෑත කාලීනව යළිත් ප්‍රතිනිර්මාණය කරන්නේ වයස අවුරුදු 21 වන තරුණයෙක් විසින්. තරුණයෙක් විසින් මේ පුරාතන කතන්දර වලට නව ජීවයක් ලබා දෙනකොට ඇත්තටම දැනෙනවා ලොකු වෙනසකුත්. හින්දු දේව කතන්දර වලට වෙනස්ම අර්ථකථනයක් ලබා දෙමින් ලොකු පෙරළියක් සිදුකළා ප්‍රවීණ ඉන්දියානු ලේඛක Amish Tripathi විසින්. නමුත් Kevin Missal නම් මේ අතිශය තරුණ වියේ පසුවන ලේඛකයා විසින් ඊට නොදෙවෙනි පෙරළියක් සිදු කරනවා කල්කි ඇතුළු තවත් බොහෝ කතන්දර තුළින්. කල්කි ව සිංහලට පෙරලන්නේත් මේ රටාවේ කතන්දර සඳහාම සුවිශේෂී පරිවර්තකයෙක් වන Palitha Jayakody මහතා විසින්. Kevin Missal ගෙ අනිකුත් කතන්දරත් ඔහුගේ පරිවර්තනය ලෙසින්ම ඉදිරියේදී කියවන්නට ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.

-Luckshman Aranwala