Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

"Andy McDermott ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ රසවත් Adventure Thriller රචකයකු ලෙසය. ඔහු මුල් කාලීනව මාධ්‍යවේදියෙකු හා සගරාවක සංස්කාරකවරයකු ලෙස කටයුතු කළේය. 2007 වසරේ දී The Hunt for Atlantis ..."

Andy McDermott ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ රසවත් Adventure Thriller රචකයකු ලෙසය. " අත්ලාන්තික් දඩයම " යනු Andy Mcdermott ගේ The Hunt for Atlantis හි සිංහල පරිවර්තනය වන අතර මෙය Andy Mcdermott ගේ පොතක් සිංහලට පරිවර්තනය වන ප්‍රථම අවස්ථාවද වේ.

1974 එංගලන්තයේ Halifax හි උපන් Andy Keele සරසවියෙන් උපාධිය ලැබීය.ඔහු මුල් කාලීනව මාධ්‍යවේදියෙකු හා සගරාවක සංස්කාරකවරයකු ලෙස කටයුතු කළේය. 2007 වසරේ දී The Hunt for Atlantis රචනා කරමින් ඔහු පූර්ණ කාලීන ලේඛකයකු බවට පත් විය.

The Hunt for Atlantis කෘතිය Nina Wilde and Eddie Chase කතා මලාවේ මුල්ම නවකතාව ලෙස සැලකේ. මෙය 2022 සැප්තැම්බර් ප්‍රකාශයට පත් වූ The Temple of Skulls කෘතියත් සමගින් කෘති 16ක එකතුවකි.

1. The Hunt for Atlantis (2007)

2. The Tomb of Hercules (2008)

3. The Secret of Excalibur (2008)

4. The Covenant of Genesis (2009)

5. The Cult of Osiris (2009)

6. The Sacred Vault (2010)

7. Empire of Gold (2011)

8. Temple of the Gods (2011)

9. The Valhalla Prophecy (2014)

10. Kingdom of Darkness (2014)

11. The Revelation Code (2015)

12. The Midas Legacy (2016)

13. King Solomon's Curse (2017)

14. The Spear of Atlantis (2018)

15. The Resurrection Key (2019)

16. The Temple of Skulls (2022)

The Hunt for Atlantis අතුරුදන් වූ අත්ලාන්තික් පුරාවෘත්තය පසුපස හබා යන විද්‍යාඥයන් කණ්ඩායමකට නායක්තවය සපයන තරුණ විද්‍යාඥවරියක වන Nina Wild හා හිටපු විශේෂ කාර්‍ය බලකා සෙබලකු වන Eddie Chase ගේ අපූරු වික්‍රමාන්විත ගමනක් හා ඔවුන්ට එල්ල වන අභියෝග වටා බැදුණු රසවත් ත්‍රාසජනක ගවේෂණාත්මක නවකතාවකි.

මෙය මංජුල දිසානායක මහතා විසින් " අත්ලාන්තික් දඩයම" ලෙසින් රසවත්ව සිංහලට පරිවර්තනය කර ඇත. මංජුල දිසානායක මහතා මීට පෙර පරිවර්තනය කළ James Rollins ගේ පරිවර්තන රසවිදි පාඨකයන් හට තවත් එවැනිම වූ අපූරු කියවීමකි.

Harindu Udapitiya