මම මගේ සතුට හැමදාම හෙව්වේ වෙන වෙන අය ළග. ඇහැට පේන්න නැති නිසා හොලවල, ගසල, කණපිට පෙරළලා බැලුවා. හැංගිලවත් තිබ්බොත් කියල කූරු ගාලා ඔබලත් බැලුවා. හෙව්වා.. හෙව්වා.. එත් හම්බ වුණේ නැහැ. අන්තිමේදි අඬා වැටුණා,
"අනේ මට කවුරුත් ආදරේ නැතෝ.. මගේ සතුට මට දියෝ" කියල. ඒත් දවසක් හදිසියෙම මගේ නැතිවෙලා තිබ්බ සතුට මට හම්බවුණා. අනේ.. මෙච්චර කල් ඒක තිබිල තියෙන්නෙ මගේ ළගමයි. මගේ අතේමයි. අපරාදේ මං මගේ සතුට මගේ ළගම හංගගෙන නිස්කාරනේ මහන්සි වෙලා.