අප සියල්ලන්ගෙම ජීවිත නිසල දියවතක් වැනිය. පිටතින් නිසලය. රමණීයය. නමුදු එහි ගැඹුර කිව නොහැකිය. සමහරුන් දියවත හැදින ගෙන දියට බසී... ඔවුන් එහි ගැඹුරද, බියකරු බවද පසක් කරගෙන එහි කිමිදෙමින් සිටී.... සමහරු දියවත ගැන නොදැන එහි පිටතින් පෙනෙන සොඳුරු බව පමණක් දැන, දියවතහි බැස ගිලී නොපෙනී යයි.