"අපිට පුළුවන් දේ අපි කළා. සිංහයා මුලින්ම ආවේ අපේ කුඩාරමට."
"ඉතිං ඔයාලට ඌට වෙඩි තියන්න අවස්ථාව තිබුණාතේ. ඇයි? ඔයා වෙඩි තිබ්බේ නැත්තෙ?"
"ඌ අපේ රිවෝලවරය විසිවෙන්න පහර දුන්නා. අපිට ඒක ගන්න පුළුවත්කමක් තිබුණේ නෑ. "
තරුණ බාසා තදින් හුස්මක් පිට කළේය. "ඒක දුර්වල හේතු දැක්වීමක්, ඔයාගෙ ගිහි අවිය නිතරම ඔයා ළඟ තිබිය යුතුයි.”
" ඔයා හරි " හල් එය පිළිගත්තේය. සෑම දෙයක් ගැනම ඔහුට දැඩි වරදකාරී හැගීමක් දැනීමට පටන්ගෙන තිබිණි.
"ඊට පස්සේ මොකද වුණේ? " බාසා විමසුවේය. " සිංහයා මගේ සහෝදරයට පහර දුන්නා. එයා පිටිවලින් ඌව අන්ධ කළා."
"එතකොට ඔයා..." බාසා පැවසුවේය. "මේක වෙන අතරේ ඇයි ඔයා තුවක්කුව ගත්තේ නැත්තේ?"
" ඒ සේරම බොහොම වේගයෙන් සිද්ධ වුණා. සිංහයා කොට්ටයක් ඩැහැගෙන එළියට පැන්නා.“