විනාඩි විස්සකින් පමණ ඇය එය කියවා බැලුවේ පුදුම වෙමින්ය. මෙහි සඳහන් වසුන්දරා නම් වූ මෙම යුවතිය මෙම සල්ලාලයන් විසින් මරා දමා ඇත. මගේ අක්කාටද මේ ඉරණම අත්වීමට බොහෝ ඉඩකඩ තිබුණත් ඇය කල්පනාවෙන් වැඩ කටයුතු කළ නිසා තම පතිවත දන්දී හෝ ජීවිතය රැකගත්තාය. එසේ තම පිරිසිදු බව ඇයට අහිමි වූයේ ඇය සිහිසුන්ව සිටි නිසාය. ඒ තත්වය කෙසේ වෙතත් තම අක්කා දැන් ජීවතුන් අතර සිටී. එහෙත් මේ අහිංසක යුවතිය මේ අපරාධකාරයන්, සල්ලාලයන් වෙනුවෙන් ජීවිතයද පූජා කර ඇත. වසුන්දරාගේ අපරාධකාරයන් සොයා ගැනීම සෙනාලිගේ එකම අරමුණ විය. ඉන්පසු තම අක්කාගේ අපරාධකරුවන්ද සොයා ගැනීමටද ඇය කල්පනා කළාය. සකුන්තලා කතා කළේ තරමක වේදනාවකිනි. ඇය කියූ කතාව සත්‍යයකි. ඇයගේ අක්කා එදා මරා දැමුවා සේ, මගේ අක්කාද එදා මරා දැමීමට ඉඩ තිබිණි. එහෙත් ඇගේ තියුණු බුද්ධිය නිසා ඇය බේරි පලා ගියාය. දැන් ආගිය තොරතුරු විමසා වැඩක් නැත. සිදුකළ යුත්තේ වසුන්දරාගේ අපරාධකරුවන් සොයාගැනීමය.