රංජිපුරේ මහාරාජා එයාගේ පුත් කුමාරයා රවී එක්ක ලන්ඩන් නුවරට ආවේ ලෝකේ තියෙන ලස්සනම රතු මැණික මහරැපිනට තෑගි කරන්නයි. ඒත් උත්සවයට සතියකට කලින් මහාරාජා අතුරුදන් වුණා. පුංචි කුමාරයාගේ පස්සෙන් මැරයෝ දෙන්නෙක් හඹාගෙන ආවා. එයාව බේරගන්න සිද්ධ වුණේ විගින්ස්, බීවර් ඇතුළු අපේ බේකර් විදියේ වීරයෝ ටික දෙනාටයි. මොකද ෂර්ලොක් හෝම්ස් මහත්තයා ලන්ඩන් නුවරින් පිට ගිහින්. එයා කොහේ ගිහිල්ල ද ? අතුරුදන් වෙච්ච මහාරාජාට මොකද වුණේ ? එතකොට රංජිපුරේ රතු මැණික කාගේ ළඟ ද ? මේකට මොරියාටි සම්බන්ධ වුණේ කොහොමද ?
Baker Street Irregulars යනුවෙන් ෂර්ලොක් හෝම්ස් විටෙක හැඳින්වූ බේකර් වීදියේ යොවුන් කැල ගැන මුල්ම ෂර්ලොක් හෝම්ස් කතාවේත් තවත් කතා තුනකත් සඳහන්ව තිබේ. කොනන් ඩොයිල් විසින් නමක් දෙන ලද්දේ ඔවුන්ගේ නායකයා වූ විගින්ස් හට පමණකි. සෙසු යෞවනයන් මේ කෘතියේ කතුවරයා වූ ඇන්තනි ඊඩ් විසින් ඔහුගේ රූපවාහිනී කතා මාලාව සඳහා නිර්මාණය කරන ලද චරිතයෝ වෙති. ඇන්තනි ඊඩ් විසින් The Baker Street Boys නමින් BBC රූපවාහිනීය සඳහා නිපදවන ලද චිත්‍රපට මාලාව පාදක කොට ඔහු අතින්ම ලියැවුණු The Case of the Ranjipur Ruby නම් කෘතිය මෙසේ සිංහලට නැඟෙන්නේ මුල් ෂර්ලොක් හෝම්ස් කතා ඔබ වෙත ගෙන ආ චන්දන මෙන්ඩිස් අතිනි.