පෙර දින රාත්රියේ කවුළුව අසලදී දුටු බියකරු මුහුණ ඇගේ මනසේ ඇඳී ගියේය. එවිට දෙනෙත් තුල විදුලි කොටන්නක් මෙන් එයට දැනිණි. මුළු සිරුරම පොරෝණාවකින් වසාගත් ඇය දෙවියන් යදින්නට වූවාය. මඳ වේලාවකින් ඇගේ සිතට මහත් සැහැල්ලුවක් දැනුණු අතර ඇගේ ශරීරය සයනය අතින් අහසට එසවෙන බවක් දැනිණි. ඇය ඉතා තදින් දෙනෙත් පියා ගත්තාය.