පහළ පෙකොස් නිම්නය පාලනය කරනු ලැබුවේ කපටි කෛරාටික බල ලෝභී විනිසුරු විසිනි. ඔහු එහි බලය පතුරුවාගෙන සිටිනුයේ ඔහුගේ හොදම වෙඩික්කරුවා වන ලොබෝ ග්‍රේ විසින් පාලනය කරනු ලැබූ මිනීමරු කල්ලියේ ආධාරයෙනි.
ලොබෝ ග්‍රේ සතුව මිතුරන් හෝ සතුරන් නොසිටියහ. ඔහුට එරෙහිව ආයුධ මෑනූ කිසිවෙක් ඒ පිළිබඳ කණගාටු වීම සඳහා ජීවත් නොවූහ. ඔවුන් ඉතා ඉක්මන් ජිවිතක්ෂයට පත් වූහ. තමාගේ මෙම කාර්යශූර කුලී හේවායා පිළිබඳ විනිසුරුවරයා තුළ වූ බියද දිනෙන් දින ඉහළ යන්නට විය. එම නිසාම ඔහු ඉහළ පෙකෝස් ප්‍රාන්තයේ විසූ අවංක ගව පට්ටි පාලකයෙකු වු රසල් වොලස් පැහැර ගැනීම සඳහා ලොබෝ යෙදවීමට සැලසුම් කළේය. එයට හේතුව වූයේ රසල් වොලස් විසින් විනිසුරුගේ මිනීමරු කල්ලිය පලවා හැරීම සදහා අතිදක්ෂ වෙඩිකරුවන් රැසක් යොදවා සිටීම ය.
එම නිසාම ඔහු ද්‍රෝහි, කපටි ටොමායෝ හට ග්‍රේගේ පසුපසින් යන ලෙස අණ කරයි. අති උත්තම විනිසුරුතුමාට ලොබෝ යළිත් පණ පිටින් දැකීමට කිසිදු උවමනාවක් නොවීය