එක්වර ම සිතට ආ අදහසක් නිසා ඔහු ආපසු හැරි කාමරය වෙත ගොස් කොට්ටයක් සුරතට ගත්තේ ය. ඉන් අනතුරුව ඔහු සෙමින් සෙමින් පඩිපෙළ බසින්නට විය. මුරකරු හා ඔහු අතර තිබූ දුර ප්‍රමාණය අනුව ඔහුව දර්ශනය වීමේ ඉඩක් නැති බවට රොජ්ර් තුළ විශ්වාසයක් තිබුණි. ඔහු සෙමෙන් සෙමෙන් අඩි තබමින් පඩිපෙළ දිගේ තවත් දුරක් පහළට බැස්සේ ය. එක්වර ම රොජන්ගේ පා පැකිළී ගොස් පඩියකින් ලිස්සා ගියේ ය. එම හඬින් තිගැස්සී ගිය මුරකරු වහා පඩිපෙළ දෙස බැලී ය.