හැටේ වත්තට යනෙන තාර ගැලවුණු පාර දෙපසේම,
පව් නොකළ අත් කරා නිබඳ පිවිසෙනු රිසින් තුන්කාලෙ - බාගෙ ගල් ගොඩවල් ය...
ඒ දැක නුදුටුව ලෙසින් හැමදාම පාන්දර ඕ තොමෝ, බිම බලාගෙන ගෙදර එන්නී ය....
හවස් වී යළි වැඩට යන්නී ය....
ඇගේ නාමය මග්දලේනා ය; හැමදාම හදවතින් පල්ලි යන, ඉරිදාට වේලපහ වැඩට යන...