මානව ඉතිහාසයේ දිගු කලක් තිස්සේ තුන් කෝරලයේ පලා පැහැ වනපෙත් අතර සිදු වූ විවිධ සිදුවීම් දෙස සද්දන්ත කඳුහෙල් නිහඬව ම බලා සිටින්නට ඇත. ඇළ, දොළ, ගංගා ඒ දකිමින් සිහින් ඕංකාරයක් නඟමින් කඳු, නිම්න, මිටියාවත් ඔස්සේ ගලා බසින්නට ඇත. එපවත් ඇසූ දුටු නිර්ව්‍යාජ ගැමි පරපුර අපේ පරපුර දක්වා එකී ජනකතා රස කර කියමින් ජන සාහිත්‍ය පෝෂණය කරන්නට දායක වන්නට ඇත.
මේ වනාහි නිහඬ කඳු, හෙල්, ගංගා අතර සැඟව ඇති ජනශ්‍රැති සමුදායෙන් බින්දු මාත්‍රයක් මතු පරපුර උදෙසා හෙළිදරව් කරමින් උපන් බිමට කරන්නා වූ මෙහෙවරක් ම වෙයි.