ෆ්‍රෙඩ්රික් ෆෝසයිත්ගේ පළමු කෙටිකතා එකතුව වන මෙයින් ඔහු කතාන්දර නිර්මාණය කිරීමේ තම හැකියාව මැනවින් විදහාපායි. අතිශය නිවැරදි වූ සත්‍ය තොරතුරු වලින් පොහොසත් වූ ෆෝසයිත්ගේ කතා ලෝකය පුරා විශාල ලෙස අලෙවි වන පොත් ලෙසට වාර්තා තබා ඇත.යථාර්ථය හා අපේක්ෂා නොකළ සිදුවීම් නිසා වන කම්පනය අතර දෝලනය වන කතා වලින් මෙම කෘතිය සමන්විත වේ.
- පබ්ලිෂර්ස් වීක්ලි
අවිනිශ්චිතතාවය මැද ගලා යන මෙම විනෝදාත්මක කතා ෆෝසයිත් ලෝලීන් මවිතයටත් අමන්දානන්දයටත් පත් කරනු නිසැකය.
- නිව්යෝක් ටයිම්ස්