ජනතාව ඉපදී ඇත්තේ දුක් විඳීමට නොවන බව ද ඔවුන් දුක් විඳින්නේ සමාජ - ආර්ථික ක්‍රමයේ වරදින් බව ද මහ හඬ නගමින් පළමු වන වරට ප්‍රකාශ කළේ මක්සිම් ගෝර්කි ය. එම නිසා ජනතාව දුගී දුප්පත් කමින් මුදවා, සුඛිත මුදිත කිරීමට නම්, පවත්නා සමාජ - ආර්ථික ක්‍රමය සුනු විසුනුකර දමා, නව සමාජ - ආර්ථික ක්‍රමයක් ඇති කර ගත හැකි යැ යි ඔහු විශ්වාස කළේ ය. මේ සංග්‍රහයේ එන කථාවලින් සමාජයේ මණ්ඩි වන පංචම ජනතාවගේ දුක් දොම්නස් හා වධ වේදනා, ගෝකි විස්තර කරනුයේ දෙ නෙතට කඳුළු උනවන ආකාරයෙනි. අන්ත දුක් විඳින පංචමයන් වුව ද, ඔවුන් දදයාව කරුණාව ක්ෂමාව ආදී ගුණවලින් පිරි මනුෂ්‍යයන් බව, මේ කථාවලින් මක්සිම් ගෝකි අවධාරණය කරයි.