"නූතන කෙටි කථාවේ පියා යැ”යි විරුද ලද එඩ්ගාර් ඇලන් පෝ, භීෂණාත්මක වාතාවරණයක් තුළින් මිනිසා ගේ චිත්ත චෛතසික ධර්මයන් හෙළි පෙහෙළි කිරීමෙහි අතිශූර ලේඛකයෙකි.ඔහු ගේ විශිෂ්ට කථා දොළොසක් මේ සංග්‍රහයට ඇතුළත් ය. එඩ්ගාර් ඇලන් පෝ ගේ කථා සංග්‍රහයක් සිංහලයෙන් මේ පළ වන්නේ ප්‍රථම වරට ය. මෙහි පළ වන සියලු ම කථා, විශ්ව සාහිත්‍යයේශ්‍රේෂ්ඨ නිර්මාණ වශයෙන් අවිවාදයෙන් පිළිගෙන ඇත.