ලෝකයට මෙතෙක් පහළ වී ඇති අතිශූර කෙටි කථා කරුවන් තිදෙනා ගෙන් කෙනකු වන අන්තොන් පව්ලොවිච් චේහෆ් ගේ ශ්‍රේෂ්ඨ කථා දහයක් මේ සංග්‍රහයට ඇතුළත් ය. මේවා අතර චිර ප්‍රසිද්ධ "හාදුව”, "ඉඕනිව්”, "ගුසේෆ්”, "කලා කරුවකු ගේ කථාව”, "කටු ඇඹිල්ල” හා "පළගැටියා” නමැති කථා ඇත. පාලිතයන්ට මෙන් ම පාලකයන්ට ද පීඩිතයන්ට මෙන් ම පීඩකයන්ට ද එක සේ අනුකම්පා කළ චේහෆ් ගේ මේ කථාවලින් මධ්‍යම පාන්තිකයන් ගේ ජීවිතවල ඛේද වාචකය අනාවරණය වෙයි.