යම් කාන්තාවක් සිය කැමැත්තෙන් කවරෙකුට හෝ තම සිරුර ලිංගික අල්ලසක් ලෙස ලබා දී ඉන් යම් ප්‍රතිලාභයක් ලබයි නම් ඇය ගණිකාවක් ලෙස නිර්වචනය කල හැකිය. එනයින් බලන කළ පක්ෂ නායකයා සමග යහන්ගත වී පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරියන්, මහාචාර්ය වරයාගේ හොර අඹුව වී කථිකාචාර්ය පදව් ලැබූ සරසවි මානව්කාවත්, ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ ලිංගික මනදොළ පුරවා අනායාසයෙන් එම ඉලක්කයට ගිය ආධුනික නීතිඥවරියන්, සභාපතිවරයා සමග ලෝකාස්වාදරතියේ යෙදී තම තනතුරත් වරප්‍රසාදත් රැකගන්නා ලේකම්වරයත්, අමාත්‍යවරයා ලිංගිකව සතුටු කිරීමෙන් වරදාන හා වරප්‍රසාද වැඩියෙන් භුක්තිවිඳීමට පාර කපා ගන්නා වෛද්‍යවරියත්, ගණිකාවෝයැයි කෙනෙකුට තර්ක කල හැකිය. මොවුනට කිසිවකු 'බඩුව’, 'සතා', 'ගොනා', 'වේසි’ කියා නොකියති. කටපුරා මැඩම් කියා කියති.