එක්තරා දිනක කුණාටුවකට හසුව, කූඩුව සිඳී ගසාගෙන ආ ගිරා පෝතකයින් දෙදෙනෙකු හා සරිව කුඩා ගැහැනු ළමුන් දෙදෙනෙකු ආරාමයකට ගොඩ වැදෙනව. මේ ළමුන් දෙදෙනා, පසු කලෙක, අයෙක් පැවිදිවත් අනෙකා උපැවිදිවත් දෙමගක් දිගේ දෙආකාරයකින් තම අතීතය සොයාගෙන යනව. එය අපමණ හැල හැප්පීම් ඇති දුක්බර ගමනක්. කෙළවර ඒ එක ම අතීතයයේ දි, දෙදෙනා එකිනෙකාට හමු නොවී දෙආකාරයකින් වෙන්වෙනව, අතකින් අම්මා ය, අතකින් මෙරමා ය' සත්‍ය සිදුවීම් දෙකක් හා බැඳුණු නවකතාවකි.