1989 වසරේ නොවැම්බර් 18 දා අලුයම ගොල්ෆ් පිටියේදී වධබන්ධනවලට ලක්කොට බොරැල්ල කනත්තේ උඳුනක දමා පණ පිටින් පුළුස්සා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මරාදමනු ලැබීය.
මෙම ග්‍රන්ථයෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා හමුදා පොලිසියේ ලාන්ස් කෝප්‍රල් ඉන්ද්‍රානන්ද සිල්වා සියැසින් දුටු ඒ ඝාතනයේ අවසන් හෝරා කීපය හා අනතුරුව ඔහු අත්අඩංගුවට පත්ව අධික වධබන්ධනවලට ලක්වෙමින් වධකාගාරවල ගෙවූ කාලය හා යුද්ධාධිකරණයෙන් වැරදිකරවකු වී සිරගතව දඬුවම් විඳ ඉන් නිදහස් වන තුරු තනිව කරන අරගලය හා සම්බන්ධ කතාවයි.