නැව බිඳී යෑමෙන් ශාන්තිකර සාගරයේ පාළු දූපතකට ගොඩ බට පවුලක් පිළිබඳ ඉතා චමත්කාර ජනක ළමා නව කථාවකි. "මාස්ටර්මන් රෙඩි " නමැති ඉතා කාරුණික වූ ද දක්ෂ වූ ද නාවිකයා ගේ උපකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා මේ පවුලේ ඉරණම, මිලේච්ඡයන්ගේ පැමිණීමෙන් සම්පූර්ණයෙන් ම වෙනස් වෙයි. මිලේච්ඡයන් නිසා ඔවුන්ගේ ජීවිත ත්‍රාසයෙන් හා භීතියෙන් පිරි ගිය ද, තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීමෙන් ඔවුහු දිවි ගළවා ගනිති. එසේ වුව ද "මාස්ටර්මන් රෙඩි ගේ මරණය නිසා මේ නව කථාව කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්‍යයක් බවට පත් වෙයි. ළමා නව කථාවක් වශයෙන් ඉතා ශ්‍රේෂ්ඨ තැනක් ගන්නා මේ නව කථාවෙන්, සිංහල සාහිත්‍යයට නව මං විවෘත වනු නොඅනුමාන ය.