ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ තැන් දෙකක අකුණු දෙකක් පිපිරී ගියේය. ඒ සමඟම සිරකරුවෝ දෙදෙනෙක් බේරී ගත්හ. පුනරුත්ථාපන පාසලකට පොලිස් රථයකින් ගෙන යමින් සිටි සැමුවෙල් මයිල්ස් එක් අයකු වූ අතර ලෝන්ග් ලීට් වනෝද්‍යානයෙන් පිටතට පැන ගත්තේ යාරා නමැති චීටා ධේනුවයි. බොරු චෝදනාවකට හසුව පොලිස් අත් අඩංගුවේ සිටි සැමුවෙල්ගේත් යාරාගේත් වීර චාරිකා එකට ඇරඹිණි.
එහෙත් එකිනෙකා අතර පරතරයක් තබා ගනිමින් එකිනෙකාට සමාන්තරව පලා ගිය මිනිස් දරුවාගේත් තිරිසනාගේත් ඉරණම් කෙසේ විසඳේවිද?