එංගලන්තයේ සිට තුරුණු වියේදීම මෙරටට පැමිණ සිංහල බස මනාව ඉගෙන හෙළ සංස්කෘතිය මැනවින් අධ්‍යනය කළ ඩොයිලී එම දැනුම භාවිතයට ගනිමින් උඩරට රදලයන් , සංඝයා වහන්සේලා ඇසුරු කරමින් උඩ පහත දෙරටේම වැසියන්ගෙන් සමන්විත වූ චරපුරුෂ ජාලයක් මනාව මෙහෙයවීය.
ලංකාවේ අන්තිම රජුට එරෙහි ජනමතයට ද, ඉංග්‍රීසි ආක්‍රමණය හුදෙක් නායක්කාර රජුගේ අත්තනෝමතික හා කෲර පාලනයෙන් උඩරට හා එහි ජනතාව ගලවා ගැනීමේ පිරිසිදු චේතනාවෙන්මය යන ජනමතයට ද ඩොයිලි මනාව නායකත්වය සැපයූවේය.
1815 දී ඔහු එකම බ්‍රිතාන්‍ය සෙබළකුගේ හෝ ජීවිතයකට හානි වීමට ඉඩ නොතබා ඉපැරැණි කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය කිරුළට නතුකර දුන්නේය.