එකිනෙකට පසමිතුරු වූ රාජ්‍යයන් දෙකක්, හිතුවක්කාර හා නිර්භීත, එමෙන්ම ස්වාධීනත්වය ප්‍රිය කළ රජ කුමරුවකු හා කුමරියක එකිනෙකා පිළිබඳ නිවැරදිව නොදැන අහඹු ලෙස එකිනෙකා හා පෙමින් වෙළුණු ආකාරයක් මෙම නවකතාවෙන් විස්තර වෙයි. හුදෙකලා අසරුවා පසමිතුරු රාජ්‍ය දෙකටම අත්‍යවශ්‍ය වූ මිනීමරු මං පහරන්නෙකි. එහෙත් කර්ලොවා හි කිරුළ හිමි කුමරු බොරිස් හුදෙකලා අසරුවා ලෙස පස මිතුරු රාජ්‍යය මර්ගොත්හි නීති බලධාරීන්ට කොටු වී, එරට බන්ධනාගාරයක් ඇතුළත දී මරණීය දණ්ඩනය ලැබීමට පමා වෙමින් සිටින්නේ කෙසේද? හිස සිට දෙපතුල දක්වා කළු ලෝගුවකින් වසාගෙන ඔහු සිටින සිර මැදිරිය වෙත මර්ගොත් හි රජ කුමරිය මේරි පැමිණෙන්නේ ඇය රහසේ මං පහරන්නාට ප්‍රේම කළ නිසාද?