….වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය. 1856 දී ආරම්භ කළ Ceylon Times පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වීමෙනි….
කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැංගේය. ඔහු Old Ceylon – Sketches of Ceylon life in Olden Time පොත 1877 දී ලිව්වේ එසේ එංගලන්තයේ සිටින අතරතුරදීය. බොහෝ විදේශිකයන් නොදැන සිටි ලාංකීය ජන ජීවිතය හා වතුවගාව නිසා ගම්වල සිදුවූ විනාශය ගැන සියුම් ස්පර්ශයක් මේ කෘතියේ දැකගත හැකිය. කෝපි කාලෙ ලංකාව නමින් ඔබ මේ කියවමින් සිටින්නේ එම පොතෙහි සිංහල අනුවාදයයි.