මෙම ග්‍රන්ථය ජෝන් කාපර් 1854දී රචිත Picture From the East නම්වූ කෘතියේ සිංහල පරිවර්තනයයි. ජෝන් කාපර් බොහෝ කාලයක් ලංකාවේ ගත කරන ලදී. එකල සමහර යුරෝපීය ජාතිකයන් ස්වදේශිකයන් සමඟ එදිනෙදා ගැවසී, ඒ අසුරෙන් ස්වදේශිකයන්ගේ සැබෑ ජීවිතය හඳුනා ගැනීමට වෑයම් කරන ලදී. ජෝන් කාපර් කළේත් එය ම යි. ඒ කාලය තුළ ඔහුගේ ලාංකීය ජීවිතේ වඩාත්ම කැමති මෙන්ම, වඩාත් මතකයේ රැඳී තිබූ සිදුවීම්, පසුව කුඩා ග්‍රන්ථයක් තුළ ගොනු කර ඇත. මේ නිසාම රචනා කර ඇති කතා තුළින්, ආස්වාදනීය ගැඹුරු මානුෂීය සම්බන්ධකම්, අපට හඳුනා ගත හැකිය. තවද ඔහු ඉතා ඉහළ භාෂා හැඩයකින් රචනා කර ඇති මේ කතා මාලාව, ඉතා අපූරු එකකි.