මිනිස් හස්තයට හසු වූ මහා වන ගහන සැණෙකින් දැවී හළු වී යයි. මේ දක්වා එහි වැජැඹුණු දැවැන්ත වෘක්ෂයෝ මහ පොළොවේ වැතිර ගනිත්. මහා උස් කඳු පර්වත ද නිරාවරණය කරනු ලැබීමෙන් අනතුරුව ස්වභාව ධර්මයා විසින් ම සෝදා, නායයෑම් ලෙස බිම පතිත කරවනු ලැබෙයි. පරිසර විනාශය එක් රාත්‍රියකින් එක් මිනිසකු විසින් ඇරඹු සංසිද්ධියක් ලෙස අපවාදයට බඳුන් කිරීම නුසුදුසු ය. එයට හේතු භූත වූ දහසකුත් එකක් සිදුවීම් ද ඒ හා ඇඳී බැඳී වැටලී පවතින හෙයිනි.
මිනිස් ගහණය අධික වත් ම සංකීර්ණත්වයට පත් වූ සමාජයේ විපර්යාසය හා එක්ව එළැඹෙන මේ පරිසර විනාශය මිනිසා ඇතුළු සකල ලෝකවාසී සත්වයා ම ව්‍යසනය කරා යොමු කරවන්නේ ය. එය අතීතයේ ද සිදු විය. වර්තමානයේ ද සිදුවෙමින් පවතියි. අනාගතයේ ද සිදුවෙනු ඇත.
තව්තිසාව හෙවත් තිදස වූ මේ සොඳුරු රාජධානියේ ඇදවැටීම තිදස නවකතාවට පාදක විය.