‘ඉක්බිති ව, කඳු ප්රපාතයේ කාල වර්ණ සාළුවක් වැනි සෙවණැල්ල අස්සෙන් අර ඡායාව මෑත් වී තථ්ය ස්වරූපයක් ගත්තේ ඇගේ දෙ නෙත් විස්මය පිරි භීතියකින් මහත් ව අයවමිනි. සෙනඟ පිරී සිටි ප්රාකාරය දෙස බලා පිය ගැසූ රූපය, සිය යෝධ මුවෙන් ක්රෝධාවේශිතව ගර්ජනාවක් නංවා, ප්රචණ්ඩ අභියෝගයකින්, කාල වර්ණ ලොමින් ගහන සිය පපුවට ලොම් සහිත දැවැන්ත අත් වලින් ගසා ගත්තේය’