අප්‍රිකානු මහ වනය මැද, අක්‍රිය මහා යමහලක කුහරයේ ඉපැරණි ශිෂ්ටාචාරයකින් පැවත එන ජනතාවක් විසින් ගොඩනංවන ලද පුරාණ නගරයක් ඇත. බාහිර ලෝකයේ කිසිදු මනුෂ්‍යයකු මේ නගරයට පා තබා පණ පිටින් යළිත් පිටතට පැමිණි නොමැත. ස්වදේශිකයන් විසින් එය "තහනම් නගරය ” යැයි හඳුන්වනු ලැබුණේ ද ඒ නිසාය.
සිය කල්‍යාණ මිත්‍රයා වන දාර්නෝ ගේ ඉල්ලීමකට අනුව. තවත් සුදු ජාතිකයන් පිරිසක් ද සමඟ ටාර්සන්ට මේ 'තහනම් නගරයට ” යෑමට සිදු වෙයි. එහි දී ටාර්සන්ට මුහුණ පෑමට සිදු වනුයේ, ඔහු ඊට පෙර මුහුණ නොපෑ මහා ආන්තරාවන් හා අභියෝග වලට ය. එහෙත් ඒ මහා ආන්තරාවන් පරදවා සියලු අභියෝග ජයගන්නා ප්‍රබල, ප්‍රචණ්ඩ ටාර්සන්, "තහනම් නගරයේ” ඉතිහාසය සදහට ම වෙනස් කරයි.