දුෂ්ට අරාබි ශික් කෙනෙකු ගේත් සතුන් ජාවාරම් කාරයකු ගේත් උගුලකට අසු වන වානරයන් ගේ ටාර්සන්, අප්‍රිකාවේ සිට අමෙරිකාව බලා යාත්‍රා කරන දුම් නැවක සිර කරුවකු බවට පත් වෙයි. එහෙත් ශාන්තිකර සාගරය මැද දී ප්රචණ්ඩ කුණාටුවකට හසු වී මේ දුම් නැව විපතට පත් වේ. එහි දී ටාර්සන් සහ නැවෙහි යාත්‍රිකයෝ සිය දිවි බේරා ගෙන. පාළු දූපතකට ගොඩ බසිති.
උක්ස්මාල් නමැති මේ දූපත පුරාණ අමරිකාවේ වාසය කළ මායා ගෝත්‍රිකයන් ගේ අවසන් රාජධානිය යි. මේ මායාවරු සිය ආදි පියවරුන් ගේ සිරිත් අනුවම මිනිස් බිලි පූජා පවත්වති. ඔවුන් ගේ ක්‍රෑර පූජකයන්ට හසු වන ටාර්සන් ද, මිථ්‍යාමය දෙවියන් උදෙසා පූජා කැරෙන බිල්ලක් බවට පත් වෙයි. එහෙත් ප්‍රබල ටාර්සන් ඒ මිථ්‍යා දෘෂ්ටික පූජකයන් පරදවා තමාට හිමි වීමට නියමිත වූ භයංකාර ඉරණමින් ගැළවෙන්නේ, අනෙකුත් ස්වදේශිකයන් ද මිථ්‍යා දෙවිවරුන්ට බිලි වීමේ ක්‍රෑර ඉරණමින් ගළවා ගනී.
අනෙකුත් ටාර්සන් නව කතා වලට වඩා තරමක් වෙනස් වූ ශෛලියකින් ලියැවී ඇති මේ වන කතාන්දරය. එඩ්ගාර් රයිස් බරෝස් අතින් ලියැවුණු අවසන් ටාර්සන් නව කතාව ද වෙයි.