මහා වනයේ ඈත අභ්‍යන්තරයේ වෙසෙන කාවුරු නමැති අභිරහස් සුදු ම්ලේච්ඡ ගෝත්‍රයක් පිළිබඳව ටාර්සන්ට දැන ගන්නට ලැබෙයි. ස්වදේශිකයන් ගේ පුරාවෘත්ත අනුව සදාතනික ජීවනයේ රහස මේ කාවුරුන් සතුය. එහෙත් පණ පිටින් සිටින කිසිවකුත් මේ කාවුරුවන් දැක නැත. ඔවුන්ගේ ගම්මානය පිහිටා ඇත්තේ කවර තැනක දැයි කිසිවෙක් නො දනිති.
මේ අබිරහස් ගෝත්‍රිකයන් ගේ රහසිගත ගම්මානය සොයා ගවේෂණයක යෙදෙන ටාර්සන්ට, මහා බිහිසුණු පුවතක් සැල වෙයි. එනම්, ඔහු ගේ ප්‍රිය බිරිඳ කාවුරුන් විසින් පැහැර ගෙන යනු ලැබී ඇති බව යි. කිසිදු පිටස්තරයෙකු කිසි දා පිය තබා නොමැති ඒ රහසිගත ගම සොයා ගෙන. ඊට ඇතුළු වී සිය බිරිඳ කාවුරුවන් ගෙන් ගළවා ගැනීමේ අභියෝගය වනයෙහි අධිපතියාට ජය ගත හැකි වේද?