මව්පියන්ගේ සෙනෙහස අහිමිවූ 11 හැවැරදි Anne Shirley දැරිය හදාවඩා ගැනීම සඳහා වැරදීමකින් යැවනුයේ තම ගොවිපළේ කටයුතු සඳහා කොල්ලෙකු හදාවඩා ගැනීමට බලාපොරොත්තු වූ Matthew Cuthbert සහ Marilla Cuthbert යන සහෝදරයන් වෙත ය. එතැන් සිට කැනඩාවේ Prince Edward Island දූපතේ Cuthbert සහෝදරයන් හා ගෙවෙනා ඇගේ අපූරු කතාන්දරයයි මේ.
ලොව ඉහළම අලෙවියක් පෙන්වූ කෘති අතර රැඳෙමින් පිටපත් මිලියන 50 කට වඩා අලෙවි වී ඇති මෙම කතා මාලාවේ Anne of Green Gables කෘතිය භාෂා 36 කට ආසන්න ප්‍රමාණයකට පරිවර්තනය වී ඇත. L.M.Montgomery විසින් රචනා කරන ලද,පාඨක සම්භාවනාවට පාත්‍ර වූ ඈන් කතා මාලාවේ පළමු වන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි මේ.