ඒ. පූර්ව 17 වන ශතවර්ෂයයි.
හිසෝවරුන් ඊජිප්තුව යටත් කරගත් අඳුරු කාලාපර්වච්ඡේදයයි. හිසෝවරුන් යනු වෙනත් රාජ්ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෲර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමණයත් සමගම ඒ වනතෙපිප්තුවේ පැවති සාධාරණත්වය, ආදරය, නීතිගරුක බව යන උතුම් ගුණාංග සියල්ල යටපත් විය. කෲරකම, ආත්මාර්ථකාමී බව ඉස්මතු විය.
ඊජිප්තුවට බලපෑ මේ ආක්‍රමණික පාලනයෙන් බේරි අවසානයේ ඉතිරි වූයේ තිබසය නම් වූ කුඩා රාජ්‍යය පමණි. තිබසය පාලනය කළ ටේට් රැජිණගේ දියණිය අහෝටේප් කුමරියයි.
ඊජිප්තුව , මේ ආක්‍රමණිකයාගෙන් කෲර හස්තයෙන් ගලවාගැනීමට ඉදිරිපත් වූයේ අහෝටේප් කුමරියයි.
ඉතින් තම මෑණියන් වූ ටේට් රැජින , සැමියා වූ සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා සහ ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාළකයා පරාජය කිරීමට ඇයට හැකි වේද?