ඔවුහු රජ දරුවෝ ය. ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වඩම්මවා ගෙන සංඝමිත්තා මහා රහත් තෙරණින් වහන්සේ සමඟ පාටලී පුත්‍ර නඟරයෙන් ශ්‍රී ලංකාවට සැපත් ව සිංහලේ මහා ජාතියට එක් වුණු රජ දරුවෝය.
වසර දෙදහස් පන්සිය කලක් සොළොස් මහ වන්නි අතුරෙන් මහ වන්නියේ පාලනය භාර ව ජය ශ්‍රී මහා බෝධි භාරකාර ධුරය ඉසිලූ සූරීය කුමාර වන්නිසිංහ සත්පත්තු බණ්ඩාර මහ බණ්ඩාර බුලන්කුලම මහවන්නි උන්නාන්සේලාගේ මෙකී කථා පුවතින් නුවර කලාවියේ කථාව ද කෙළවර වන්නේ ය.