මගේ පියාණන් පාරාවෝ යන්නට දුන් නිර්වචනය නම්, "තම ජනතාව සතුටින් තබන්නා යන්නයි. කෙසේද එය කළ යුතු?
මා- ආට් අනුව යමින්, දෙවියන් සතුටු කරමින්, එවිට ඔවුන් මනුෂ්‍යයා වෙත ආශිර්වාද දක්වනවා.
"මට දැනෙනවා රැජින මේ සියලු දේට සම්බන්ධ බවක්" "සත්‍යයි.
ඈ සමග. ඈ වෙනුවෙන් සියල්ල සිදුවන්නේ. අවශ්‍යයි මට තනන්නට සිහි වටනයක්;
ඊජිප්තුව හා නුබියාව ආරක්ෂා කරමින් අපට අවශ්‍ය ශක්තිය මවන, දීප්තිය උපදවන!
" ඔබ තෝරාගත්තා ද ස්ථානයක්?”
නුබියාව මධ්‍යයේ තිබෙනවා ස්ථානයක් අබු සිම්බල් නමින්.
එතැන හතෝර් දෙවඟන ඇගේ මුවේ තැබූ ස්ථානයක්, තරු රැජින, ආදරයයේ රහස නම් මුද්‍රාව, ගල මත තැබූ ස්ථානයක්.
ඒ ආදරයයි හා නෙෆටාරිට පුදන්නට සුදානම් වෙන්නේ. ඒ තිළිණය ඇය සදාකාලිකව ම "අබු සිම්බල්හි ආර්යාව” බවට පත් කරනු ඇති.