ක්‍රි. පූර්ව 17 වන ශතවර්ශයේ කෲර හික්සෝවරුන් විසින් ආක්‍රමණය කරන ලද ඊජීප්තුව, ඔවුන්ගෙන් බේරා ගැනීමට මූලිකත්වය ගත්තේ ආහොටෙජ් රැජිනයි.
සියලු ඊජීප්තුවන්ගේ ආදරය, ගෞරවයට පාත්‍ර වූ ආහොටෙප් රැජින,
නිදහසේ රැජින නමින් හැඳින්වීමට ඔවුහු කටයුතු කළහ.වසර ගණනාවක්
පැවතුණ සටන, පාරාවෝ සීක්වෙන් බිලි ගනී.
එහෙත්; තරුණ වියේදීම සැමියා අහිමි වුවද නිදහසේ රැජිනගේ අධිෂ්ඨානය බිඳකුදු වෙනස් නොවෙයි. උපන් රට ආක්‍රමණිකයාගෙන් බේරා ගැනීමට දිගින් දිගටම සටනේ
යෙදෙන නිදහසේ රැජින, තම වැඩිමල් පුත්‍රයා, කමෝස්ගේ වියෝව
කෙසේ දරා ගනී ද?
පාරාවෝ වරුන් දෙදෙනෙක්; සීක්වෙන් සහ කමෝස් ඝාතනය කරන්නට ඔත්තු සපයන භික්සෝ ඔත්තු කරුවා හඳුනා ගන්නට ඇයට හැකි වේ ද? දහස් ගණනක් වූ ඝාතන, සියක් වසරක ආක්‍රමණය ට මුහුණ දී අළු මතින් නැගී සිටින්නට ඊජිප්තුවට හැකි වූයේ ඒ ධෛර්යමත්, අධිෂ්ඨානශීලී ගැහැනිය හේතුවෙනි!