ස්වස්ති ශ්රී මංගල සුචරිත් විවිධ සුන්දර අනුත්තර බුද්ධ ශාසන උපත්ථම්භක කාරුඤ්ඤ ලබුගල ගණවොලින් අලාබ උනායින් අසද්රස අතිගම්භිර ශ්රී මහා කරුනා දිවැස් එලියේ මහිමතාවෙන් අවසර ලැබුණු පනිවිඩ පණත වග සැටි නම්.
මට නැකැත් ශාස්ත්රය බැරුවාය. කොයි තරමට මහන්සි වුත් කොතැන හෝ ග්රහ තාරුකාවක් වැරැදිය. ගුරුන්නාන්සේ කියන්නේ මට පාඩං යන්ත්ර මන්ත්ර ටිකෙන් යකැදුරු කං කරනා එක වැඩිය වටිනවා කියාය.
ගෙයි මැද මිදුලේ වැලිපිල්ලේ මේ ළඟක් වෙන තුරු ම ලියූ අකුරු වෙනුවට මට දැන් දැන් පුස් කොලයේ ලියන්ටත් පුලුවන්ය. අම්මා නං කියන්නේ ඒවා හරිම හැඩයි කියාය. ඉතින් ගුරුන්නාන්සේගේ යන්ත්ර මන්ත්ර පොත් දෙක තුනකුත් පිටපත් කරදෙන්ටත් පුලුවන් විය.