ඔහුගේ දෑස මා වෙත යොමු වී තිබෙන බව මට දැනුණා. එසේ නොවුනා නම් යෙහෙකි යැයි මට සිතුණේ මගේ දෑත්වල වෙව්ලීම නතර නොවී තිබුණු නිසා.
කියා ගැනීමට නොහැකි දෑ බොහෝ තිබෙන බව ඔහුට කියන්නට තැත් කරමින් මා හිස සැලුවා.
මට යළිත් ඔහු ගේ අත අල්ලා ගැනීමට ඕනෑ වුවත් එසේ කිරීමට පුළුවන් බවක් දැනුණේ නැහැ.
ඔහුගේ බැල්ම මට වැටහුණා. නෑසු ප්‍රශ්න සියල්ල පාහේ එහි තිබුණා...